header logo
SLIC
සයුරෙන් එතෙර
ජපන් අගමැතිනිය ලබන සතියේ ඉන්දියාවට
Jun 28, 202609:24 AM
ජපන් අගමැතිනිය ලබන සතියේ ඉන්දියාවට
EDEX

වෙළෙඳ, ආයෝජන සහ ආරක්ෂක ඇතුළු ක්ෂේත්‍ර රැසක ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කරගැනීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජපාන අග්‍රාමාත්‍ය සනායි තකයිචි ලබන සතියේදී තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව ඉන්දීය මාධ්‍ය පවසයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ ආරාධනයකට අනුව, 16 වැනි ඉන්දු-ජපාන වාර්ෂික රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා සනායි තකයිචි ජූලි 01 වැනිදා සිට 03 වැනිදා දක්වා නවදිල්ලි නුවර නිල සංචාරයක නිරත වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මෙය ජපාන අග්‍රාමාත්‍යවරිය ඉන්දියාවේ නිරත වන ප්‍රථම නිල සංචාරය ද වෙයි.

මේ හරහා ඉන්දියාව සහ ජපානය අතර පවතින 'විශේෂ උපායමාර්ගික සහ ගෝලීය හවුල්කාරිත්වය' තවදුරටත් ඉහළ නැංවීමට පියවර ගනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට