header logo
SLIC
සයුරෙන් එතෙර
ඉන්දියාව සහ වෙනිසියුලාව බලශක්ති සබඳතා තර කරගනී
Jun 28, 202609:16 AM
ඉන්දියාව සහ වෙනිසියුලාව බලශක්ති සබඳතා තර කරගනී
EDEX

ඉන්දියාව සහ වෙනිසියුලාව අතර බලශක්ති හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයේම අවධානය යොමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි තිබේ.

ඒ, ගෝලීය බොරතෙල් වෙළෙඳපොළේ සිදුවන සීඝ්‍ර වෙනස්කම් හමුවේ තමන් සතු අවස්ථා උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින්ය.

නව දිල්ලියේ පැවැති සාකච්ඡාවලදී ඉන්දීය ඛනිජ තෙල් සහ ස්වභාවික වායු අමාත්‍ය හර්දීප් සිං පූරි වෙනිසියුලානු අන්තර්කාලීන ජනාධිපතිනි
ඩෙල්සි රොඩ්‍රිගස් වෙත පවසා ඇත්තේ, වෙනිසියුලාවේ තෙල් හා ගෑස් ක්ෂේත්‍රය තුළ තම ආයෝජන සහ ක්‍රියාකාරකම් පුළුල් කිරීමට ඉන්දීය සමාගම් සූදානම් බවය.

අමෙරිකානු සම්බාධක සහ තීරුබදු පීඩනය හේතුවෙන් ඉන්දියාව මීට පෙර වෙනිසියුලාවෙන් බොරතෙල් මිලදී ගැනීම තාවකාලිකව නතර කර තිබුණි.

කෙසේ වෙතත්, මෙම වසර මුලදී එම සීමාවන් ලිහිල් කිරීමත් සමඟ ඉන්දීය පිරිපහදු සමාගම් නැවතත් එරටින් තෙල් ආනයනය කිරීම ආරම්භ කර ඇත.

ඒ අනුව, ඉන්දියාව නැවත වරක් වෙනිසියුලානු බොරතෙල් මිලදී ගන්නා ප්‍රධාන රටක් බවට පත්ව ඇති අතර, මෙය දෙරට අතර අලුත් වූ වාණිජ සබඳතා මැනවින් පිළිඹිබු කරන බව විදෙස් මාධ්‍ය පවසයි.

වෙනිසියුලානු ජනාධිපතිනියගේ ඉන්දීය සංචාරයේ ප්‍රධාන අරමුණ වී තිබුණේ ක්ෂණික වෙළඳපොළ ගනුදෙනු මත පමණක් රඳා නොසිට, එරට බලශක්ති ක්ෂේත්‍රයට විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ දිගුකාලීන සැපයුම් ගිවිසුම් ඇති කර ගැනීමය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට