header logo
SLIC
සයුරෙන් එතෙර
ඇමසන් වෙතින් ඉන්දියාවට දැවැන්ත ආයෝජන රැසක් ?
Jun 27, 202603:03 PM
ඇමසන් වෙතින් ඉන්දියාවට දැවැන්ත ආයෝජන රැසක් ?
EDEX

ඇමසන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ තිබේ.

එහිදී ඔහු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී නව ආයෝජන සැලසුම් පිළිබඳව සාකච්ඡා පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සාකච්ඡාවේදී ඉන්දියාවේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ඇමසන් සමාගමට ඉටුකළ හැකි දිගුකාලීන දායකත්වය පිළිබඳව සාකච්ඡා කර තිබේ.

ඇමසන් සමාගම ඉන්දියාවේ විශාලතම විදේශීය ආයෝජකයා සහ විද්‍යුත් වාණිජ්‍ය අපනයන දිරිගන්වන්නා බවට පත්වනවාට අමතරව, කෘත්‍රිම බුද්ධිය සහ ක්ලවුඩ් යටිතල පහසුකම් වෙනුවෙන් ඉන්දියාවේ ආයෝජනය කරන ලොව විශාලතම ගෝලීය සමාගම්වලින් එකක් බවට ද පත්වනු ඇත.

මෙහිදී අදහස් දැක්වූ ඇමසන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ඉන්දියාව වෙනුවෙන් නිපදවා පසුව ලොව පුරා අනෙකුත් රටවලට ද ව්‍යාප්ත කරන ලද නවෝත්පාදනයන් පිළිබඳව පෙන්වාදී තිබේ.

ඉන්දියාවේදී අත්හදා බැලීමක් ලෙස ආරම්භ කර මේ වනවිට ගෝලීය වෙළඳපොළ පුරා සාර්ථකව ක්‍රියාත්මක වන Amazon Now සේවාව ඒ අතරින් ප්‍රධාන වෙයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට