
යුක්‍රේනය එල්ල කරන ලද ඩ්‍රෝන් ප්‍රහාර හේතුවෙන් රුසියාවේ ප්‍රධාන තෙල් පිරිපහදු මධ්‍යස්ථාන රැසකට බරපතළ හානි සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ හේතුවෙන් එරට තුළ උද්ගතව ඇති දරුණු ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් මහා පරිමාණයෙන් පෙට්‍රල් ආනයනය කිරීමට රුසියාව සූදානම් වෙන බව වාර්තා වෙයි.
විදෙස් වාර්තා සඳහන් කරන්නේ රුසියාව මේ වන විටත් මුහුදු මාර්ග ඔස්සේ පෙට්‍රල් ආනයනය කිරීම ආරම්භ කර ඇති බවය.























