බැටරි බලශක්ති ගබඩා පද්ධති හතක් කොළඹ වරායට

බැටරි බලශක්ති ගබඩා පද්ධති හතක් කොළඹ වරායට

June 26, 2026   11:44 am

විදුලිබල ශක්තිය ස්ථාවර කරමින් පාරිභෝගිකයාට සහන සැලසීමට රජය විසින් ආරම්භ කළ බැටරි බලශක්ති ගබඩා පද්ධති ව්‍යාපෘතියේ තවත් පද්ධති හතක් මෙරට ගෙනවිත් තිබේ. 

මෙම බලශක්ති ගබඩා පද්ධති හත පානදුර, බෙලිඅත්ත, හම්බන්තොට, අම්පාර, වව්නතිව්, වාලච්චෙනෙයි, මහියංගනය යන ප්‍රදේශ වල ඇති විදුලි බල සම්ප්‍රේෂණ උපපොලවල් සමීපව සවිකිරීමට නියමිතය. 

පද්ධති හත භාවිතයෙන් 280MW ප්‍රමාණයක් විදුලි බල ශක්තිය ගබඩා කිරීමට හැකි වන අතර, දෛනිකව 70MW ක් ජාතික විදුලිබල ජාලයට ලබාදීමට සැලසුම් කර ඇති බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය නිවේදනය කරයි. 

මෙම ව්‍යාපෘතියේ ජූනි මස ආරම්භයේදී ගෙන එන ලද පද්ධති අටක් මේ වන විට තෝරාගත් උපපොලවල් සමීපව සවි කිරීමේ කටයුතු සිදු කරන අතර, ජූලි මස අගදී අවසන් කර එමඟින් 80MWක විදුලි බල ශක්ති ප්‍රමාණයක් ජාතික විදුලි බල ජාලයට ලබා දීම සිදු වේ.

‍අදාළ ගබඩා පද්ධති පාලනය හා කළමනාකරණය සිදු කිරීම බලශක්ති අමාත්‍යාංශයට අයත් ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගමට පැවරෙන අතර, නඩත්තු කිරීමේ කාර්යය අදාළ සමාගම් විසින් සිදු කරනු ලබයි.