පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
June 26, 2026 09:30 am
අද දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ.
අද පෙරවරු 11.30 සිට පස්වරු 2.00 දක්වා ශ්‍රී ලංකා විදුලිබල පනත යටතේ අංක 2478/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය අනුමත කිරීම සඳහා විවාදයට ගැනීමට නියමිතය.
අනතුරුව ඊයේ ආණ්ඩු පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව සටන් කිරීම පිළිබඳ කල් තැබීමේ යෝජනාව පස්වරු 2.00 සිට පස්වරු 5.30 දක්වා තවදුරටත් විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තුව සඳහන් කරයි.
එහි සජීවි දර්ශන ඉහතින් නරඹන්න..
