header logo
SLIC
සයුරෙන් එතෙර
මැදපෙරදිග යුද උණුසුමෙන් පසු UAE ආරක්ෂාව ගැන වැඩියෙන් හිතයි
Jun 25, 202602:45 PM
මැදපෙරදිග යුද උණුසුමෙන් පසු UAE ආරක්ෂාව ගැන වැඩියෙන් හිතයි
EDEX

මැදපෙරදිග කලාපයේ හටගත් යුදමය තත්ත්වය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය යුද ආරක්ෂක පද්ධති මිලදී ගැනීම් වේගවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ යටතේ ඉන්දියාවේ ප්‍රමුඛතම ආරක්ෂක පද්ධති කිහිපයක් මිලදී ගැනීමට සාකච්ඡා පවත්වමින් සිටින බවද ඉන්දීය ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය අනාවරණය කරයි.

මෙලෙස මිලදී ගැනීමට අපේක්ෂා කරන අවි ආයුධ අතර ඉන්දියාවේ සුප්‍රසිද්ධ 'බ්‍රහ්මෝස්' සුපර්සොනික් කෘෘස් මිසයිල පද්ධතියද වන බව පැවසෙයි.

මීට පෙර ප්‍රසිද්ධියට පත් නොවූ මෙම සාකච්ඡා වටය තුළදී, ඉන්දියාව සතු Akashteer නම් ස්වයංක්‍රීය ගුවන් ආරක්ෂණ පද්ධතිය මිලදී ගැනීම කෙරෙහි ද අවධානය යොමුව තිබූ බව සඳහන් වුණි.

ඉන්දියාව සහ එමීර් රාජ්‍යය අතර සාකච්ඡා මේ වනවිට මූලික මට්ටමේ පවතින අතර ඒවා ඉතා වේගයෙන් ඉදිරියට ඇදෙමින් පවතින බවද වාර්තා වෙයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම ඉන්දීය බලධාරීන් මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය ද ප්‍රතික්ෂේප කර ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට