පොසොන් පොහොය වෙනුවෙන් අනුරාධපුරය සහ මිහින්තලේ දක්වා විශේෂ දුම්රිය සේවාවක්

පොසොන් පොහොය වෙනුවෙන් අනුරාධපුරය සහ මිහින්තලේ දක්වා විශේෂ දුම්රිය සේවාවක්

June 25, 2026   01:55 pm

පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුරය සහ මිහින්තලේ දක්වා ගමන් කරන බැතිමතුන් සඳහා විශේෂ දුම්රිය ධාවනයක් එක් කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. 

මෙම මස 29වන දිනට යෙදී ඇති පොසොන් පුන් පොහොය නිමිති කරගෙන අනුරාධපුරය සහ මිහින්තලේ දක්වා ගමන් කරන බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා දැනට ධාවනය වන දුම්රියන්ට අමතරව පහත සඳහන් විශේෂ දුම්රිය ධාවන වාර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව, 2026/06/27 වන දින සිට 2026/06/30 වන දින දක්වා මෙම දුම්රිය ධාවනය සැලසුම් කර තිබේ.