වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජූලි 1 සිට ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලීමක්

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජූලි 1 සිට ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලීමක්

June 25, 2026   06:44 am

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය එළඹෙන ජුලි මස පළමු වන දින සිට සිදුකරන ලෙස පුද්ගලික බස් සංගම් විසින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

ඊයේ (24) දිනයේ දී ලිඛිතව එම ඉල්ලීම සිදුකළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේය.

ඒ අනුව ඉදිරි දින පහ තුළ ගාස්තු සංශෝධනය පිළිබඳ ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමග සාකච්ඡා කිරීමට ද අපේක්ෂා කරන බව ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

"අපි මීට පෙර දැනුම් දුන්නේ 5 වෙනිදා වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කරන්න කියලා. ඩීසල් විල්‍යයනය බලලා මාසේ අන්තිමට තියෙන. ඊයේ අපි තීරණය කළා අපේ සියලු සංගම් සමඟ සාකච්ඡා කරලා, ඒ අයගේ අනුමැතිය අරන් ලිඛිත දැනුම්දීමක් කරා ඊයේ සුපුරුදු පරිදි ජූලි 1 වෙනිදාට වාර්ෂික බස් ගාස්තුව සංශෝධනය කරන්න කියලා. ඒ වගේම ජාතික ගමනා ගමන කොමිෂන් සභාවත් මේ දවස් 5 ඇතුළත කතා කරන්න කටයුතු කරනවා. අපේ මිල ගණන් සියල්ල අපි දීලා තියෙනවා. කොහොම වුණත් අපි බලාපොරොත්තු වෙනවා ජුලි මාසයේ සංශෝධනය 15% ඉක්මවූ ප්‍රතිශතයක් ලැබෙයි කියලා."