header logo
SLIC
සයුරෙන් එතෙර
යුරෝපයේ පළමු ඉබෝලා රෝගියා වාර්තා වෙයි
Jun 24, 202605:24 PM
යුරෝපයේ පළමු ඉබෝලා රෝගියා වාර්තා වෙයි
EDEX

කොංගෝ ජනරජයේ පැතිර යන මාරාන්තික ඉබෝලා වෛරසය ආසාදනය වූ පළමු යුරෝපීය රෝගියා ප්‍රංශයෙන් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය අද (24) වාර්තා කළේය.

මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ කොංගෝ රාජ්‍යයේ මානුෂීය මෙහෙයුමක නිරත වී පැමිණි වෛද්‍යවරයෙකුට බව සඳහන් වේ.

රෝගී තත්ත්වය තහවුරු වූ වහාම ඔහුව විශේෂිත ප්‍රතිකාර ඒකකයක් වෙත ඇතුළත් කර ඇති අතර, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට යහපත් මට්ටමක පවතින බව ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ වන විට කොංගෝ ජනරජය තුළ ඉබෝලා වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයන් 260කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, ආසාදිතයන් සංඛ්‍යාව 1,000 ඉක්මවා ඇත.

මීට පෙර ද කොංගෝවේ සේවය කළ අමෙරිකානු වෛද්‍යවරයෙකුට මෙම රෝගය වැළඳී තිබුණි.

මේ අතර කොංගෝවේ අසල්වැසි රාජ්‍යයක් වන උගන්ඩාවෙන් ද ඉබෝලා ආසාදිතයන් 20 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඉන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පැවසීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට