ඉන්දීය අගමැති සහ චීන විදේශ ඇමති අතර හමුවක්
June 24, 2026 01:24 pm
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ චීන විදේශ ඇමති Wang Yi මහතා අතර හමුවක් ඊයේ (23) නවදිල්ලි නුවරදී සිදුව තිබේ.
ඉන්දියාවේ පැවැත්වෙන 16 වන බ්‍රික්ස් ජාතික ආරක්ෂක උපදේශකවරුන්ගේ සහ ඉහළ පෙළේ නියෝජිතයින්ගේ රුස්වීම සඳහා සහභාගීවීමට Wang Yi මහතා ඉන්දියාවට ගොස් සිටින අතරතුර මෙම හමුව සිදුව ඇත.
වර්තමාන ගෝලීය තත්ත්වය යටතේ ඉන්දියාව සහ චීනය සිය සාම්ප්‍රදායික මිත්‍රත්වය අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු බවත් ඉහළ මට්ටමේ සබඳතා පවත්වා ගත යුතු බවත් නරේන්ද්‍ර මෝදි මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
එමෙන්ම ප්‍රායෝගික සහයෝගිතා ප්‍රවර්ධනය කරමින් ගෝලීය දකුණේ රටවල පොදු අවශ්‍යතා ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු බව ද ඔහු පෙන්වා දී තිබේ.
එළැඹෙන වසරේ බ්‍රික්ස් සංවිධානයේ සභාපතිත්වය දරණ චීනයට ඉන්දියාව සහයෝගය ලබාදෙන අතර බ්‍රික්ස් සංවිධානයේ අභිවෘද්ධිය වෙනුවෙන් අඛණ්ඩව චීනය සමග එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද මෝදි මහතා එහිදී පවසා ඇත.
මේ අතර, Wang Yi මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, ඉන්දියාව සමග එක්ව දෙරටේ නායකයින් අතර ඇති කර ගත් වැදගත් එකඟතාවන් ක්‍රියාත්මක කිරීමට චීනය අපේක්ෂා කරන බවය.
සැකයන් දුරුකර අන්‍යෝන්‍ය විශ්වාසය අඛණ්ඩව පවත්වා ගැනීමටත්, සංවේදී ගැටලු නිසිලෙස විසඳා ගැනීමටත්, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් සහයෝගිතා පුළුල් කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු පවසා ඇත.
එමෙන්ම ඉන්දු-චීන සබඳතාවන්හි ධනාත්මක ප්‍රවණතාව පවත්වා ගනිමින් දෙපාර්ශ්වයේ නවීකරණ ක්‍රියාවලීන් එක්ව ඉදිරියට මෙහෙයවිය යුතු බවත් Wang Yi මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.
