කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

June 24, 2026   11:48 am

හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.

එම නිවේදනය අද පෙරවරු 11 සිට ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වේ.

එම ප්‍රදේශවල සුළ‌ඟේ වේගය විටින් විට පැ.කි.මී 50 - 60 දක්වා වැඩි වන අතර, එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

මෙම නිවේදන පිළිබඳව අවදානයෙන් සිටින ලෙස නාවික හා ධීවර ප්‍රජාවන්ට දැනුම් දෙයි.