header logo
SLIC
සයුරෙන් එතෙර
වට්ස්ඇප් නව ප්‍රධානියා ලෙස ඉන්දීය ව්‍යවසායක කුනාල් ෂා පත් කෙරේ
Jun 24, 202611:01 AM
වට්ස්ඇප් නව ප්‍රධානියා ලෙස ඉන්දීය ව්‍යවසායක කුනාල් ෂා පත් කෙරේ
EDEX

ලොව ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන WhatsApp ප්‍රධානී විල් කැත්කාර්ට් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

පසුගිය වසර 7කට ආසන්න කාලයක් පුරා 'මෙටා' සමාගමට අයත් WhatsApp වේදිකාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ ඔහුය.

සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ, WhatsAppසේවාව මේ වනවිට ඉතිහාසයේ වඩාත්ම ශක්තිමත් මට්ටමක පවතින බවත්, ධුරයෙන් සමුගැනීමට මෙය සුදුසුම අවස්ථාව ලෙස තමාට හැඟෙන බවත්ය.

කෙසේ වෙතත්, ඔහු මෙටා සමාගමේ ඉහළ කළමනාකාරිත්වය තුළ තවදුරටත් රැඳී සිටිමින් යම් කාර්යභාරයක් ඉටු කිරීමට නියමිතය.

විල් කැත්කාර්ට්ගේ ඉවත්වීමත් සමග වට්ස්ඇප් හි නව ප්‍රධානියා ලෙස ඉන්දීය ප්‍රමුඛ පෙළේ සමාගමක නිර්මාතෘවරයෙකු වන කුනාල් ෂා පත් කර තිබේ.

කුනාල් ෂා ‘ක්‍රෙඩ්’ සමාගම හරහා ඉන්දියාවේ වඩාත්ම වැදගත් තාක්ෂණික සමාගමක් ගොඩනැඟීමට සමත් වූ අයෙකු ලෙස සැලකෙයි.

තමන් වට්ස්ඇප් ප්‍රධානියා ලෙස නව වගකීම භාරගත්තද, ක්‍රෙඩ් සමාගමේ කොටස්කරුවෙකු ලෙස දිගටම රැඳී සිටින බව ෂා සඳහන් කර ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට