ගිං ගඟේ පිරිමි මළ සිරුරක් - සැකසහිත මරණයක් බවට තොරතුරු
June 24, 2026 05:37 am
පෝද්දල පොලිස් වසමේ වක්වැල්ල පාලම අසල ගිං ගඟේ පිරිමි මළ සිරුරක් පාවෙමින් තිබෙන බවට පෝද්දල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
ඊයේ (23) සවස මෙම මළ සිරුර සොයාගෙන තිබූ අතර, මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැත.
මෙය සැකසහිත මරණයක් වන බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය රෝහලට රැගෙන යාමට නියමිතය.
පෝද්දල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
