අධ්‍යාපන ක්ෂේත්රයට අදාළව පවතින ගැටලු විසඳීමට කඩිනම් පියවර ගන්නැයි උපදෙස්
June 23, 2026 05:51 pm
අධ්‍යාපන ක්ෂේත්රයට අදාළව පවතින ගැටලු විසඳීම සඳහා කඩිනම් පියවර ගැනීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් උපදෙස් ලබා දී තිබේ.
ඒ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව අග්‍රාමාත්‍යවරියගේ සහභාගීත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදී අධ්‍යාපන ක්ෂේත්රයට අදාළව දැනට පවතින ගැටලු රැසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසින් කාර සභාව හමුවේ ඉදිරිපත් කරනු ලැබීය.
මේ අනුව ප්‍රාථමික පාසල් ඉදිකිරීම්වලදී ප්‍රමිතියට අනුව පොදු සැලැස්මක් හා ආකෘතියක් හඳුන්වා දීමේ අවශ්‍යතාව, උපකෘත පාසල්වල පරිපාලනය සම්බන්ධ ගැටලු, ගුරු මාරු සම්බන්ධ ගැටලු, එක් එක් පළාත් මට්ටමින් පාසල්වල සිදුවන ඉදිකිරීම්වල ප්‍රගතිය, වෘත්තිය අධ්‍යාපන ක්ෂේත්රයේ ගැටලු සහ ඉදිරි සැලසුම් ඇතුළු කරුණු රැසක් කාරක සභාවේදී සාකච්ඡා විය.
එම කරුණු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය විසින් නිලධාරීන්ගෙන් කරුණු විමසීමෙන් අනතුරුව අවශ්‍ය පියවර කඩිනමින් ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදි.
ඊට අමතරව මෙම අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව යටතේ ස්ථාපිත කර ඇති අනුකාරක සභාවල ප්‍රගතිය පිළිබඳව ද කාරක සභාව විසින් මෙහිදී විමසන ලදි.
මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මදුර සෙනෙවිරත්න, වෘත්තිය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ යන මහත්වරුද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
