හෝමාගම, කොට්ටාව ඇතුළු ප්‍රදේශවල හෙට සිදුකරන ජල කප්පාදුවේ වෙනසක්
June 23, 2026 01:27 pm
හෝමාගම, කොට්ටාව, ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (24) සිදුකිරීමට තිබූ පැය 24ක ජල කප්පාදුවේ වේලාවෙහි වෙනසක් සිදුකර ඇති අතර ඇතැම් ස්ථාන වෙත අඩුපීඩන තත්ත්වය යටතේ ජල සැපයුම ලබාදීමට තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කර ඇත්තේ, ඒ අනුව හෙට (24) රාත්‍රී 8 සිට අනිද්දා (25) රාත්‍රී 8 දක්වා මෙම ජල කප්පාදුව සිදුකරන බවය.
පාදුක්ක, හෝමාගම, කොට්ටාව, පන්නිපිටිය හා පැලැන්වත්ත යන ප්‍රදේශ සඳහා මෙම ජල කප්පාදුව බලපැවැත්වෙන අතර, මහරගම ප්‍රදේශයට ජලය සැපයේ.
කලටුවාව සිට බොරලැස්ගමුව දක්වා ජලය සපයන ප්‍රධාන සැපයුම් මාර්ගය ආශ්‍රිතව සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
මීට පෙර නිකුත් කරන ලද නිවේදනය නොසලකා හැරිය යුතු බවද එම මණ්ඩලය දැනුම් දෙයි.
