මහා පරිමාණ ගංජා හේන් දෙකක් වටලයි
June 23, 2026 09:31 am
වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් අලුත්වෙල ප්රදේශයේ සිදුකළ වැටලීමකදී ගංජා හේන් දෙකක් වටලා සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම ගංජා හේන් දෙකෙහි තිබී ගංජා ගස් විශාල ප්රමාණයක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර එම ගංජාවල වටිනාකමක රුපියල් ලක්ෂ පනහකට අධික බව පොලීසිය පැවසීය.
ගංජා හේන් වගාකල සැකකරුවන් දෙදෙනෙකුද පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් ද සොයාගෙන ඇත.
සියලුම ගංජා ගස් ගිනිතබා විනාශ කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
