මාරක අනතුරු දෙකක් - දෙදෙනෙකුට දිවි අහිමි වෙයි
June 23, 2026 07:07 am
කොකුවිල්, පනිච්චිඅඩි කොකුවිල් මාර්ගයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
තිරාමඩු දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඊට ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති අතර ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලීසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 42ක් වූ මඩකලපුව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
කොකුවිල් පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
එමෙන්ම A9 මාර්ගයේ කිලිනොච්චිය නගරයේ පිහිටි උතුරු පළාත් ක්රීඩා සංකීර්ණය ආසන්නයේදී යාපනය දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.
මෙම අනතුරින් පදිකයා, යතුරුපැදිකරු හා පසුපැදිකරු බරපතළ තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබේ.
එහිදී ප්රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 62ක් වූ පදිකයා මියගොස් ඇත.
කිලිනොච්චිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
