සැකකරුගේ පාපොච්චාරණයෙන් ගිනිඅවියක් සහ පතොරම් තොගයක් සොයා ගැනේ

සැකකරුගේ පාපොච්චාරණයෙන් ගිනිඅවියක් සහ පතොරම් තොගයක් සොයා ගැනේ

June 23, 2026   06:45 am

රැඳවුම් නියෝග මත සිටින සැකකරුවෙකුගෙන් අනාවරණය වූ තොරතුරුවලට අනුව පිස්තෝල අවියක් සහ පතරොම් තොගයක් සොයා ගැනීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය සමත්ව තිබේ.

ඊයේ (22) දහවල් කාලයේදී මීටියාගොඩ ප්‍රදේශයේ සිදුකළ සෙවීමකදී විදේශීය රටක නිෂ්පාදිත මෙම පිස්තෝල අවිය සහ මිලිමීටර් 09 වර්ගයේ පතරොම් 05 සොයාගෙන ඇත. 

අදාළ සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ වරදට පසුගිය ජූනි 19වනදා අත්අඩංගුවට පත්වූ අයෙකු වන අතර ඔහුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ මෙම තොරතුරු අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.