අනාරක්ෂිත ළිඳකට වැටී දෙහැවිරිදි සිඟිත්තියක් ජීවිතක්ෂයට
June 23, 2026 05:59 am
ධර්මපුරම් පොලිස් වසමේ පිරිමන්දාරු ප්රදේශයේදී අනාරක්ෂිත ළිඳකට වැටී කුඩා දැරියක් මියගොස් ඇති බවට ධර්මපුරම් පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 02ක් වයසැති සිඟිත්තියක් වන අතර, ඇය පදිංචිව සිටි නිවසට යාබඳ නිවසක් ආසන්නයේ අනාරක්ෂිතව ලෙස ජලය පිරී තිබූ ළිඳකට වැටී ඇති අතර, ඉන් ගොඩට ගෙන රෝහල් ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බවට සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.
මෘතදේහය ධර්මපුරම් රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ධර්මපුරම් පොලීසිය විසින් විමර්ශන සිදුකරනු ලබයි.
