මැයි මාසයේදී මෙරට උද්ධමනය සියයට 5.4ක් දක්වා ඉහළට

මැයි මාසයේදී මෙරට උද්ධමනය සියයට 5.4ක් දක්වා ඉහළට

June 22, 2026   03:20 pm

මැයි මාසයේ මෙරට උද්ධමන අනුපාතනය 5.4%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ 2026 අප්‍රේල් මාසයේදී 4.7%ක්  ලෙස වාර්තා වූ මෙරට උද්ධමන අනුපාතය මේ අනුව ඉහළ ගොස් ඇති බවය.

මේ අතර 2026 අප්‍රේල් මාසයේදී 1.1%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමන අනුපාතය මැයි මාසයේදී 1.5ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම අප්‍රේල් මාසයේදී 7.8%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමන අනුපාතයද ඉහළ ගොස් ඇති අතර ඒ අනුව එය 8.6%ක අගයක් ගෙන ඇත.