කෑගල්ලේ දී වාහන 7ක් එකපෙළට අනතුරක - අයෙකු මරුට - 10ක් රෝහලේ
June 22, 2026 02:00 pm
කෑගල්ල, මොළගොඩ මංගලගම ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක්, තවත් රථවාහන කිහිපයක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (22) පස්වරු 1.15ට පමණ සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබු 18 දෙනෙකු කෑගල්ල මහ රෝහල වෙත ඇතුලත් කර ඇත.
අද දෙරණ වාර්තාකරු පැවසුවේ වාහන 7ක පමණ බස් රථය මෙලෙස ගැටි ඇති බවය.
නුවරඑළිය - කොළඹ මගී ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථයක්, එයට ඉදිරියෙන් ගමන් ගත් තවත් බස් රථයක් ඉස්සර කිරීමට යාමේ දී කෑගල්ල දෙස සිට නුවර දෙසට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි රථ වාහන කිහිපයක ගැටී මෙම අනතුර සිදුව තිබේ.
එහිදී වෑන් රථ 2ක්, ලොරි රථයක්, යතුරු පැදියක් සහ ත්‍රී රෝද රථ 2ක් අනතුරට ලක්ව ඇත.
රියදුරු පුහුණු පාසලකට අයත් රථ වාහන කිහිපයක් ද ඒ අතර වේ.
එහිදී මියගොස් ඇත්තේ අනතුරට ලක් වූ එක් ත්‍රී රෝද රථයක සිටි වයෝවෘද්ධ කාන්තාවකි.
බස් රථයේ ලද රියදුරු සහ කොන්දොස්තරවරයා එම අවස්ථාවේ දී පලා ගොස් ඇති අතර අනතුර සම්බන්ධව කෑගල්ල් මූලස්ථාන පොලීසියේ රථවාහන අංශය ඉදිරි පරීක්ෂණ පවත්වයි.
