මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
June 22, 2026 07:03 am
අන්තර්ජාල මුදල් හුවමාරු ක්‍රම ඔස්සේ බැංකු ගිණුම්වලට මුදල් බැර කරවා ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත වූ සැකකරුවන් දෙදෙනෙකු මත්ද්‍රව්‍ය තොගයක් ද සමඟ මීගමුව, කට්ටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 29 සහ 31 වයස්වල පසුවන, ගල්කිස්ස සහ උඩුගම්පල ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.
මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද විමර්ශනයකට අනුව ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
එහිදී සැකකරුවන් සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 34ක්, අයිස් ග්‍රෑම් 07යි මිලිග්‍රෑම් 420ක් සහ හෙරොයින් ග්‍රෑම් 08යි මිලිග්‍රෑම් 860ක් පොලිස් භාරයට ගෙන තිබේ.
මීට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් 351,200ක මුදලක් සහ ජාවාරම සඳහා යොදාගත් මෝටර් රථ දෙකක්ද පොලිසිය විසින් සොයා ගෙන ඇත.
මීගමුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
