බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර් ගැන ට්‍රම්ප්ගෙන් අනාවැකියක්
June 21, 2026 10:13 pm
සංක්‍රමණ සහ බලශක්ති ප්රතිපත්තිවල අසාර්ථකත්වයන් පෙන්වා දෙමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් සිය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
"කීර් ස්ටාමර් එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වෙයි," යනුවෙන් ට්‍රම්ප් සිය Truth Social සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.
"ඔහු ඉතා වැදගත් කරුණු දෙකක් සම්බන්ධයෙන් දැඩි ලෙස අසාර්ථක වුණා - ඒ තමයි සංක්‍රමණ සහ බලශක්තිය. මම ඔහුට සුබ පතනවා!" යනුවෙන්ද ට්‍රම්ප් ජනාධිපතිවරයා එහි සඳහන් කර තිබේ.
මේ අතර බ්‍රිතාන්‍ය රජය අභ්‍යන්තරයේ පවතින දේශපාලන වාතාවරණය වෙනස් වෙමින් පැවතීම හේතුවෙන්, අග්‍රාමාත්‍ය ස්ටාමර් මහතා ධුරයෙන් ඉල්ලා අස්වීම හෙට ප්‍රකාශයට පත් කිරීමට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
එම වාර්තාවලට අනුව, බ්‍රිතාන්‍ය රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කිහිපයක්ම විශ්වාස කරන්නේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා හෙට දිනයේදී සිය ඉල්ලා අස්වීම නිවේදනය කරනු ඇති බවය.
