තමිල්නාඩුවේ කර්මාන්ත ශාලාවක ගෑස් කාන්දුවක් - 7ක් මරුට

තමිල්නාඩුවේ කර්මාන්ත ශාලාවක ගෑස් කාන්දුවක් - 7ක් මරුට

June 21, 2026   06:02 pm

තමිල්නාඩුවේ මුහුදු ආහාර අපනයන කාර්මාන්ත ශාලාවක අද (21) පස්වරුවේ සිදුවූ ඇමෝනියා වායු කාන්දුවකින් සේවකයින් 7ක් මියගොස් 40කට වැඩි පිරිසක් රෝහල් ගතකළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අනතුර සිදුවන අවස්ථාවේ කර්මාන්ත ශාලා පරිශ්‍රය තුළ සේවකයින් 120ක් පමණ රැඳී සිට ඇත.

බොහෝ සේවකයින් හුස්ම ගැනීමේ අපහසුතාවෙන් පෙළී ඇති අතර, ඇතැම් අයගේ මුඛයෙන් සහ නාසයෙන් ලේ ගැලීමක් පවා සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාවන්හි දැක්වේ.

ඒ අනුව සිද්ධියෙන් පසු බලපෑමට ලක් වූ සේවකයින් වහාම ප්‍රාදේශීය රෝහල් වෙත යොමුකර ඇත.