සාම ගිවිසුම ක්‍රියාත්මක වීමට නම් ලෙබනනයේ යුද්ධය අවසන් විය යුතුයි - ඉරානයෙන් ප්‍රකාශයක්

සාම ගිවිසුම ක්‍රියාත්මක වීමට නම් ලෙබනනයේ යුද්ධය අවසන් විය යුතුයි - ඉරානයෙන් ප්‍රකාශයක්

June 21, 2026   05:41 pm

ලෙබනනයේ පවතින යුද්ධය අවසන් වන තුරු අමෙරිකා-ඉරාන සාම ගිවිසුම ක්‍රියාත්මක කළ නොහැකි බව ඉරාන ජනාධිපති කාර්යාලය පවසයි. 

එහි සන්නිවේදන හා තොරතුරු ප්‍රචාරණ නියෝජ්‍ය ප්‍රධානියා සඳහන් කළේ ඊශ්‍රායලය විසින් ලෙබනනය තුළ සිදු කරන අපරාධ දිගින් දිගටම කරගෙන යාම, සමස්ත ගිවිසුමම අවලංගු වීමට හේතු වනු ඇති බවය. 

අද (21) ස්විට්සර්ලන්තයේ පැවැත්වීමට නියමිත සාකච්ඡාවලට පෙර ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව කියා සිටියේය.

එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම අමෙරිකා -ඉරාන මූලික සාම ගිවිසුම උල්ලංඝනය කිරීම පිළිබඳ ගැටලුව අද පැවැත්වෙන සාම සාකච්ඡාවේ දී ඉරානය විසින් මතු කරනු ඇති බවය.

මේ අතර, ඉරාන ජනාධිපති Masoud Pezeshkian ප්‍රකාශ කළේ, තමන් සතුව පරමාණු බෝම්බයක් නොතිබිය යුතු බවට අමෙරිකාව දිගින් දිගටම සඳහන් කළ ද ඒ බව මුලින්ම පැවසුවේ සිය උත්තරීතර නායකයා වන බවය.

''අමෙරිකාව අපිට බෝම්බ හදන්න එපා කිව්වට, අපේ රටේ හිටපු උත්තරීතර නායකයා මීට කලින්ම පැහැදිලිවම කියලා තියෙන්නේ ඉරානයට කොහොමත් පරමාණු බෝම්බයක් හදාගන්න කිසිම වුවමනාවක් නැහැ කියලායි." ලෙස එහි සඳහන්.