ශ්‍රී ලංකා A කණ්ඩායමට ලකුණු 378ක ඉලක්කයක්
June 21, 2026 02:38 pm
ඉන්දීය A කණ්ඩායම සමග පැවැත්වෙන තරගයෙන් ජයගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායමට ලකුණු 378ක ඉලක්කයක් හිමිව තිබේ.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරණය කළේය.
ඒ අනුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 09ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 377කි.
එහිදී වෛභව් සූර්යවංශි පන්දු 29ක් තුළ වේගවත් ලකුණු 94ක් රැස්කළේය.
තිලක් වර්මා ලකුණු 67ක්, අනුකුල් රෝයි සහ ප්‍රියාන්ෂ් අර්යා ලකුණු 39ක් බැගින් ලබාගත්තහ.
පන්දුයැවීමේදී කුගදාස් මදුලන්, රවිඳු ප්‍රනාන්දු සහ වන්ජු සහන් කඩුලු දෙක බැගින් දවාගත්තහ.
තරගය පැවැත්වෙන්නේ, රංගිරි දඹුලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.
