
පළමු පෙළ ක්‍රිකට් තරගවල වේගවත්ම එක්දින අර්ධ ශතකය වාර්තා කිරීමට ඉන්දීය A කණ්ඩායමේ වෛභව් සූර්යවංශී අද (21) සමත් විය.
ඒ ශ්‍රී ලංකා A කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේදීය. එහිදී පන්දු 11ක් තුළ අර්ධ ශතකයක් වාර්තා කළේය.
ඊට හයේ පහරවල් 05ක් සහ හතරේ පහරවල් 05ක් ඇතුළත් විය.
කෙසේ වෙතත් පන්දු 29ක් තුළ ලකුණු 94ක් ලබා සිටි ඔහුව දවාගැනීමට සහන්ආරච්චිගේ සමත් වුණේය.
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම් අතර පැවැත්වූ තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගය මේ වනවිට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.





















