
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව තිබේ.
ඒ, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන කණ්ඩායම් අතරය.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයන් පන්දු රැකීමට තීරණය කළේය.
මෙම තරගය පැවැත්වෙන්නේ, රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.





















