දැරණියගලදී පොලිස් රාජකාරීයට බාධා කළ හතරක් රිමාන්ඩ්
June 21, 2026 06:59 am
දැරණියගල ප්‍රදේශයේදී පොලිස් රාජකාරීයට බාධා කළ පුද්ගලයින් සිව්දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
දැරණියගල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා ගිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සහ එම ප්‍රදේශයේ පුද්ගලයින් කිහිපදෙනෙකු අතර පසුගිය 19වනදා නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවිය.
එහිදී අයුතු ජනරාශියක සාමාජිකයින්වී පහරදී පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට තුවාල සිදුකර රාජකාරියට බාධා කිරීම සහ අයිස් ලග තබා ගැනීමේ චෝදනාවට පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
එම සැකකරුවන් අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව සදහන්ය.
අනතුරුව සැකකරුවන් ලබන මස 3 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝග කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් දැරණියගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
