දකුණු අප්‍රිකාවේ HIV මර්දනයට අමෙරිකාවෙන් අරමුදල් සැපයීම නවතී
June 20, 2026 03:37 pm
දකුණු අප්‍රිකාවේ HIV මර්දන වැඩසටහන් සඳහා අරමුදල් සැපයීම නතර කිරීමට අමෙරිකාව තීරණය කර තිබේ.
HIV වෛරස ආසාදිතයින් මිලියන 8 ඉක්මවූ පිරිසක් සිටින දකුණු අප්‍රිකාව ලොව වැඩිම HIV ව්‍යාප්තිය සහිත රට ලෙස සැලකෙයි.
කෙසේවෙතත් දකුණු අප්‍රිකාවේ සුළුතර සුදු ජාතික අප්‍රිකානු ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා දකුණු අප්‍රිකානු රජය අපොහොසත්වීම අමෙරිකාවේ මෙම තීරණයට හේතු වී ඇති බව සඳහන්.
අදාළ චෝදනාව දකුණු අප්‍රිකානු රජය විසින් අවස්ථා ගණනාවක දී ප්‍රතික්ෂේප කර තිබුණි.
දකුණු අප්‍රිකාවේ HIV මර්දන වැඩසටහන් සඳහා 2025 වසර දක්වා අමෙරිකාව විසින් වාර්ෂිකව ඩොලර් මිලියන 400ක පමණ මුදලක් ජනාධිපති හදිසි අරමුදල හරහා ලබාදී ඇති බව වේ.
වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධුරයට පත්වීමෙන් පසු දෙරට අතර සබඳතා දුර්වල තත්ත්වයකට පත්ව ඇති බව ද විදෙස් වාර්තා පෙන්වා දී ඇත.
