අයිස් සහ හෙරොයින් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

අයිස් සහ හෙරොයින් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

June 20, 2026   03:15 pm

හෙරොයින් ග්‍රෑම් 750ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 115ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කළ සැකකරුවෙකු මීටියාගොඩ, එරනවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසිනි ඊයේ (19) සිදුකළ වැටලීමකට අනුවය.

සැකකරු එරනවිල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.

පොලිසිය සඳහන් කළේ විදෙස්ගතව මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන ජාවාරම්කරුවෙකුගේ සමීපතමයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය.