අමෙරිකාව සහ ඉතාලිය ඡායාරූපයක් නිසා මත ගැටුමක

අමෙරිකාව සහ ඉතාලිය ඡායාරූපයක් නිසා මත ගැටුමක

June 20, 2026   01:51 pm

‍අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලොනි සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික මත ගැටුමක් වර්ධනය වී තිබේ.

පසුගියදා පැවති ජී 7 රාජ්‍ය නායකයින්ගේ හමුව අතරතුර ඉතාලි අග්‍රාමාත්‍යවරිය තමා සමඟ ඡායාරූපයක් ගැනීම සඳහා අයැද සිටි බවත් එම ඡායාරූපය ගැනීමෙන් ඇය සතුටට පත්වන්නට ඇති බවත් ට්‍රම්ප්, ඉතාලි මාධ්‍යයක් සමඟ පැවති සාකච්ඡාවක දී ප්‍රකාශ කර තිබුණි.

කෙසේවෙතත් අදාළ ප්‍රකාශය ට්‍රම්ප් විසින් සම්පූර්ණයෙන්ම ගොතන ලද සාවද්‍ය ප්‍රකාශයක් බව සඳහන් කරමින් සිය එක්ස් ගිණුමේ සටහනක් තබා ඇති ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලොනි තමන් හෝ ඉතාලිය කිසිදු අවස්ථාවක කිසිවෙකුට ආයාචනා සිදු නොකරන බව අවධාරණය කර ඇත.

ඉතාලිය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා මෙවැනි අපහසාත්මක ප්‍රකාශ සිදුකළ පළමු අවස්ථාව මෙය නොවන අතර ඔහු සිය මිත්‍ර පාර්ශවයන්ට මෙලෙස සැලකීම කණගාටුදායක බව ද ඉතාලි අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කර තිබේ.

මෙම සිදුවීම මුල් කරගනිමින් ඉතාලි විදේශ කටයුතු අමාත්‍ය ඇන්තෝනියෝ තජානි අමෙරිකාවේ සිදුකිරීමට සැලසුම් කර තිබූ සංචාරය ද අවලංගු කර ඇත.