header logo
SLIC
සයුරෙන් එතෙර
කලාපයේ ආරක්ෂාව ගැන තායිවානයෙන් ප්‍රකාශයක්
Jun 20, 202611:02 AM
කලාපයේ ආරක්ෂාව ගැන තායිවානයෙන් ප්‍රකාශයක්
EDEX

තායිවානයට නැගෙනහිරින් පිහිටි මුහුදු කලාපයේ චීන නෞකාවල ක්‍රියාකාරකම් ඉහළ යාම සම්බන්ධයෙන් එරට ජනාධිපති විලියම් ලායි අදහස් දක්වා තිබේ.

එහිදී තායිවාන ජනාධිපතිවරයා අසල්වැසි රටවලට ඇති විශාලතම අවදානම මෙන්ම තර්ජනය ලෙස චීනය හඳුන්වා ඇත.

ඔවුන් නීතිය ක්‍රියාත්මක කිරීමේ මුවාවෙන් ජපානය, තායිවානය සහ පිලිපීනය සතු සුවිශේෂී ආර්ථික කලාපයන්ට අත්තනෝමතික ලෙස ඇතුළු වන බවට චෝදනා කර තිබේ.

මේ අතර, ජපාන-පිලිපීන සමුද්‍රීය සීමා නිර්ණය කිරීමේ සාකච්ඡා සම්බන්ධයෙන් තායිවානයේ විපක්ෂ දේශපාලන පක්ෂ ලායි පරිපාලනය දැඩි ලෙස විවේචනය කර ඇත.

ඔවුන් පවසන්නේ වත්මන් රජය මේ සම්බන්ධයෙන් මෘදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත්, එමගින් තායිවානයේ ස්වෛරීභාවයට සහ අවශ්‍යතාවලට හානි සිදුවිය හැකි බවත්ය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට