header logo
SLIC
ක්‍රීඩා
ඩයමන්ඩ් ලීග් දෝහා අදියරේ ජයත් රුමේෂ්ට
Jun 20, 202606:58 AM
ඩයමන්ඩ් ලීග් දෝහා අදියරේ ජයත් රුමේෂ්ට
EDEX

කටාර් හි දෝහා නුවර පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ මෙරට වේලාවෙන් අද (20) අලුයම අවසන් වූ හෙල්ල විසිකිරීම අදියරේද ප්‍රථම ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්විය.

ලොව ප්‍රබල ක්‍රීඩකයන් රැසක් සහභාගි වූ මෙම තරග වටයේදී රුමේෂ් විසින් මීටර් 88.68ක දුරක් සටහන් කරමින් පළමු ස්ථානය දිනා ගැනීම කැපී පෙනේ.

ඒ අනුව ඔහුට කීර්තිමත් ඩයමන්ඩ් ලීග් තරගාවලියක දෙවන වරටත් අදියරක් ජයගැනීමට අවස්ථාව උදාවිය.

මෙම තරගයේ සුවිශේෂීම සිදුවීම වන්නේ ලෝක ප්‍රකට ඉන්දීය හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක, ඔලිම්පික් රන් පදක්කම්ලාභී සහ හිටපු ලෝක ශූර නීරජ් චොප්රා මෙවරත් රුමේෂ් හමුවේ පරාජයට පත්වීමය.

ලෝක මලල ක්‍රීඩා පිටියේ දැවැන්තයකු වන චොප්රාට මෙම තරගයේදී බලාපොරොත්තු වූ දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වූ අතර, මීටර් 85.69ක දක්ෂතාවක් දැක්වූ ඔහුට හිමිවුණේ සිව්වැනි ස්ථානයයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight