header logo
SLIC
සයුරෙන් එතෙර
හෝමූස් ගැන ඉන්දියාවත් දැඩි අවධානයෙන්
Jun 19, 202610:14 PM
හෝමූස් ගැන ඉන්දියාවත් දැඩි අවධානයෙන්
EDEX

ප්‍රංශයේ පැවැත්වෙන G7 සමුළුවට සමගාමීව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වා තිබුණි.

එහිදී ගෝලීය නැව්ගත කිරීමේ මාර්ග විවෘතව තැබීමේ වැදගත්කම අවධාරණය කරමින්, සමුද්‍රීය ආරක්ෂාව සහ ඉන්දීය නාවිකයන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳ ගැටලුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් මතුකර තිබේ.

බටහිර ආසියාවේ පවතින වත්මන් තත්ත්වය හමුවේ ඉන්දීය නාවිකයන්ගේ ආරක්ෂාව ප්‍රධාන ප්‍රමුඛතාවක් වන බව පෙන්වාදී ඇති අග්‍රාමාත්‍ය මෝදි, ලක්ෂ සංඛ්‍යාත ඉන්දියානුවන් නාවිකයන් ලෙස සේවය කරන බවද අවධාරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

ජී-7 සමුළුව අමතමින් ජනාධිපති ට්‍රම්ප් මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍ය මෝදි සමඟ ඉතා සාර්ථක සාකච්ඡාවක් පැවැත්වූ බවත්, දෙරට අතර වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් මේ දිනවල කටයුතු කරමින් සිටින බවත්ය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට