ඉරාන උත්තරීතර නායකයාට අමෙරිකානු ජනපතිගෙන් වාග් ප්‍රහාරයක්

ඉරාන උත්තරීතර නායකයාට අමෙරිකානු ජනපතිගෙන් වාග් ප්‍රහාරයක්

June 19, 2026   08:45 pm

සාම ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා අල් කමේනි සිදු කළ ප්‍රකාශක් සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උපහාසයෙන් යුතුව ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

සිය ටෘත් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

" අමෙරිකාව ඉරානය වෙත සාම මාවතට පිවිසියේ අපේක්ෂා භංගවීමෙන් " බවට උත්තරීතර නායක මොජ්ටබා කමේනි පවසා තිබුණි.

ඊට පිළිතුරු දෙමින් ට්‍රම්ප් පවසන්නේ අපේක්ෂා කඩවූයේ ඉරනයේ මිස තමන්ගේ නොවන බවය.

"ඔවුන් ඉවරයි - අපි මේ දින 60 ප්ලේ කරමු" යනුවෙන් ට්‍රම්ප් මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.