header logo
SLIC
සයුරෙන් එතෙර
පාකිස්තානයට අයත් කාෂ්මීරයේ ගැටුම් තවදුරටත්
Jun 19, 202608:44 PM
පාකිස්තානයට අයත් කාෂ්මීරයේ ගැටුම් තවදුරටත්
EDEX

පාකිස්තාන පාලනය යටතේ පවතින කාෂ්මීර කලාපයේ විරෝධතාකරුවන් සහ පොලිසිය අතර සති දෙකකට ආසන්න කාලයක් තිස්සේ පවතින දැඩි නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් අර්බුද රැසක් මතුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඒ අතර දැඩි ආහාර හිඟය ප්‍රධාන තැනක් ගෙන ඇති බව වාර්තා වෙයි.

එසේම දෙපාර්ශ්වය අතර හටගත් ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

ආර්ථික හා පාලන ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින රජයට විරෝධී ව්‍යාපාරයක් වන JAAC නමැති සංවිධානය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මේ මාසයේදී තහනමට ලක් කර තිබියදී පවා සිය විරෝධතා අඛණ්ඩව ඉදිරියට රැගෙන යමින් සිටී.

ජූනි මස මුලදී මෙම නොසන්සුන්තා ආරම්භ වූ දා සිට මේ දක්වා ‘JAAC’ සංවිධානයට සම්බන්ධ පුද්ගලයන් 425 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පසුගියදා පවසා තිබුණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට