ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමක්

ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමක්

June 19, 2026   02:20 pm

අම්බලන්ගොඩ ඌරවත්ත ගංගාරාම පෙරහැර වීථි සංචාරය කිරීම හේතුවෙන් හෙට (20) දිනයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමක් සම්බන්ධයෙන් පොලීසිය විසින් නිවේනදයක් නිකුත් කර තිබේ.

එම පෙරහැර හෙට දින දහවල් 02.00 සිට රාත්‍රී 10.00 දක්වා ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ විථි සංචාරය කිරීමට කටයුතු සූදානම් කර ඇත බව සඳහන්ය.

මෙම පෙරහැර ගංගාරාම පුරාණ විහාරස්ථානයේ පිටත් වී ඌරවත්ත ගංගාරාම මංසන්ධියෙන් ගාලු පාර ඔස්සේ ගමන් කොට හිරේවත්ත බුදු පිලිමය අසලින් මහ වීදිය ඔස්සේ අම්බලන්ගොඩ වටරවුම දක්වා ගමන් කර අම්බලන්ගොඩ වටරවුමෙන් නැවතගාලු පාර ඔස්සේ ඌරවත්ත ගංගාරාම මංසන්ධිය දක්වා ගමන්කොට එම මංසන්ධියෙන් හරවා ඌරවත්ත ගංගාරාම පුරාණ විහාරස්ථානය වෙත ගමන් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

මේ හේතුවෙන් පෙරහැර ගමන් ගන්නා කාලය තුළ ඉහත මාර්ගය භාවිතා කරන මහජනතාව හා රියැදුරන්ගෙන් පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.

විකල්ප මාර්ග

  • කොළඹ දෙස සිට ගාල්ල දෙසට ගමන් ගන්නා වාහන ( බර වාහන හැර ) සංඝරාජ විහාරය අසලින් කැපු ඇල හන්දිය හරහා වතුගෙදර හන්දිය හරහා පොල්වත්ත හන්දිය හරහා පොල්ලැව්ව හන්දියෙන් බටපොල හරහා කහව මංසන්දිය දෙසින් ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වී ගාල්ල දෙසට ගමන් කල හැකිය.
  • ගාල්ල දෙස සිට කොළඹ දෙසට ගමන් ගන්නා වාහන (බර වාහන හැර) කහව බටපොල මංසන්දියෙන් ඇතුළු වී මිටියාගොඩ හන්දිය හරහා පොල්ලැව්ව හන්දියෙන් පොල්වත්ත හන්දිය හරහා වතුගෙදර මාර්ගය ඔස්සේ කැපු ඇල හන්දිය හරහා සංඝරාජ විහාරය අසලින් ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වී කොළඹ දෙසට ගමන් කල හැකිය.