සෞඛ්‍ය ආයතන 17කට නව අධ්යක්ෂවරුන් පත් කෙරේ
June 19, 2026 12:07 pm
සෞඛ්‍ය ආයතන 17ක් සඳහා නව අධ්යක්ෂවරුන් පත්කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව එම සෞඛ්යාතන සඳහා පත්වූ නව අධ්‍යක්ෂවරුන්ට පත්වීමේ ලිපි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් පසුගියදා සිදු කෙරුණි.
කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහල, කොළඹ ද සොයිසා කාන්තා රෝහල, මහමෝදර ශික්ෂණ රෝහල, ජාතික අක්ෂි රෝහල සහ මාතර මහ රෝහල ඇතුළු සෞඛ්‍ය ආයතන 17ක් සඳහා මෙම නව අධ්යක්ෂවරුන් පත් කර තිබේ.
මෙහි දී කාසල්වීදියේ කාන්තා රෝහලේ නව අධ්යක්ෂවරයා ලෙස විශේෂඥ වෛද්‍ය එස්.ඩී.යූ.එම්. රංග, ද සොයිසා මාතෘ (ශික්ෂණ) රෝහලේ අධ්යක්ෂවරයා ලෙස වෛද්‍ය සී.පෙරේරා, මහමෝදර ශික්ෂණ රෝහලේ (ජර්මන් ශ්‍රී ලංකා මිත්‍රත්ව කාන්තා රෝහල) අධ්යක්ෂවරයා ලෙස වෛද්‍ය කේ.එම්. සෝමරත්න, ජාතික අක්ෂි රෝහලේ අධ්යක්ෂ ලෙස වෛද්‍ය බී.අයි.කුරුකුලසූරිය සහ මාතර මහ රෝහලේ අධ්යක්ෂවරයා ලෙස වෛද්‍ය ජේ.පී. රණසිංහ යන මහත්ම මහත්මීන් අමාත්‍යවරයා අතින් පත්වීම් ලබාගන්නා ලදී.
එමෙන්ම වෛද්‍ය ඒ.එම්.එස්.බණ්ඩාර සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය එන්.සරවණබවන් නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය ඒ.එම්.ටී.කේ.අත්තනායක බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය පී.ඒ.ඩී.ඩී.එස්.පොන්වීර පුත්තලම ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය ඩබ්ලිව්.ඒ.එස්.එස්.වික්‍රම නුවර ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය එස්.ටී.ඒ.පී.සේරසිංහ මොණරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය සී.මුරගේ කළුතර ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය බී.කායල්විලි වයඹ පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය ඊ.රාජපක්ෂ අධ්යක්ෂ මානසික සෞඛ්‍ය, වෛද්‍ය ජේ.කේ.එම්.එන්.ජයකොඩි මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ, වෛද්‍ය ජේ.එම්.එස්.ඒ.ජයසිංහ ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ, වෛද්‍ය එන්.එච්. ධර්මතිලක ආහාර පරිපාලක පාලන ඒකකයේ අධ්යක්ෂ වශයෙන් ද අමාත්‍යවරයා අතින් මෙහිදී පත්වීම් ලිපි ලබා ගනු ලැබීය.

