
දේශගුණික හා පාරිසරික පර්යේෂණ යටතේ චීනය විසින් සාගර පතුල සිතියම්ගත කිරීමේ ව්‍යාපෘතියක් සිදුකරමින් ඇති බව බ්‍රිතාන්‍ය පුවත්පතක් අනාවරණය කර තිබේ.
එම පුවත්පත අනාවරණය කරන්නේ මෙය විද්‍යාත්මක පර්යේෂණ මාලාවක් ලෙස හඳුන්වා දෙමින් සබ්මැරීන යුද මෙහෙයුම් සඳහා දිය යට සටන් බිම සූදානම් කිරීමේ සූක්ෂම වැඩපිළිවෙළක් බවය.
විශේෂයෙන්ම තායිවානය අවට උපායමාර්ගික මුහුදු තීරය සහ ගුවාම් වැනි අමෙරිකානු ආරක්ෂක මුරපොළවල් ඉලක්ක කර ගනිමින් මෙම මෙහෙයුම් දියත් වන බව එම වාර්තාවේ දැක්වෙයි.
චන්ද්‍රිකා දත්ත නිරීක්ෂණවලට අනුව, මෙහි ප්‍රධානතම යාත්‍රාව වන චීන සාගර විශ්වවිද්‍යාලයට අයත් අධි-තාක්ෂණික නෞකාව පසුගිය වසර කිහිපය පුරාම සාගරයේ සීමිත කලාප තුළ නැවත නැවතත් යාත්‍රා කරමින් සාගර පතුලේ ඉහළම ගුණාත්මකභාවයකින් යුත් ත්‍රිමාණ (3D) සිතියම් සකස් කර ඇති බවට චෝදනා කරයි.
මේ අනුව දිය යට ආරක්ෂාව සම්බන්ධයෙන් දශක ගණනාවක් තිස්සේ අමෙරිකානු නාවික හමුදාව සතුව තිබූ ඒකාධිකාරී වාසිය මුළුමනින්ම අහිමි වී යාමේ හැකියාවක් ඇති බවද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.























