header logo
SLIC
ක්‍රීඩා
මෙසීගෙන් සුපිරි ගෝල ත්‍රිත්වයක්
Jun 17, 202609:44 AM
මෙසීගෙන් සුපිරි ගෝල ත්‍රිත්වයක්
EDEX

2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ‘J’ කාණ්ඩයේ පළමු තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ලෝක ශූර ආර්ජන්ටිනාව ජයග්‍රහණය කිරීමට සමත් විය.

ඒ අනුව වසර 38ක් වයසැති ලියොනල් මෙසී ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභී ක්‍රීඩක ලැයිස්තුවේ පෙරමුණට පැමිණියේ තරගාවලි ඉතිහාසයේ ඔහුගේ සමස්ත ගෝල සංඛ්‍යාව 16ක් දක්වා ඉහළ නංවමිනි.

තරගයේ 17 වැනි මිනිත්තුවේදී මෙසී විසින් ඇල්ජීරියානු ගෝල රකින්නා වන Luka Zidane පසුකරමින් වාර්තා කළ අතිවිශිෂ්ට වම් පා පහරත් සමඟ ඔහු ලෝක කුසලාන වැඩිම ගෝල ලාභීන් අතර තෙවැනි ස්ථානයේ සිටි Kylian Mbappé සමඟ තාවකාලිකව සම තත්ත්වයට පත්විය.

මෙසීගේ මෙම ගෝල ත්‍රිත්වයත් සමඟ වත්මන් ශූර ආර්ජන්ටිනාව ඇල්ජීරියාව ගෝල 3-0කින් පරාජය කරමින් තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight