ජුනි මාසයේ ගෙවුණු දින 14ට සංචාරකයින් 54,465ක් මෙරටට ඇවිත්

ජුනි මාසයේ ගෙවුණු දින 14ට සංචාරකයින් 54,465ක් මෙරටට ඇවිත්

June 16, 2026   05:43 pm

ජුනි මාසයේ මුල් දින 14 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 54,465ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

නිකුත් කළ නවතම දත්ත අනුව, එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 21,839ක් පැමිණ ඇති අතර, එය සමස්තයේ 42%ක් වේ.

එමෙන්ම, චීනයෙන් 3,503ක්, එක්සත් රාජධානියෙන් 4,160ක්  සහ ඔස්ට්‍රේලියාවෙන් 3,105ක් ද මෙම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

තවද, 2026 ජනවාරි 01 සිට ජුනි 14 දක්වා සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,076,487ක් ලෙස වාර්තා වී තිබේ.

ඒ අතරින් ඉන්දියාවෙන් 272,099ක්, රුසියාවෙන් 76,686ක් සහ එක්සත් රාජධානියෙන් 102,253ක් සංචාරකයින් පැමිණ ඇති බවද එම අධිකාරිය සඳහන් කළේය.