
ගෝලීය අවිනිශ්චිතතාවන් සහ ඉන්ධන අර්බුදය හමුවේ පාකිස්තානයේ ආර්ථික ගැටලු දිනෙන් දින උග්‍ර වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෑතකදී පාකිස්තාන ජාතික මණ්ඩලයේ මුදල් පිළිබඳ ස්ථාවර කමිටුව පෙන්වා දුන්නේ එරට විදුලි හා ගෑස් ක්ෂේත්‍රවල සමස්ත ණය ප්‍රමාණය ඉතා ඉහළම මට්ටමකට පැමිණ ඇති බවය.
මේ වන විට රටේ සමස්ත බාහිර ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 137.56ක් ලෙස සටහන්වී ඇති බවද පැවසෙයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහනාධාරයෙන් පසු පසුගිය මාස කිහිපය තුළ ආර්ථිකයේ දක්නට ලැබුණු තාවකාලික සහනය සහ ස්ථාවරත්වය ඉතා කෙටි කාලීන එකක් වූ අතර, සමස්තයක් ලෙස එරට ආර්ථිකය පවතින්නේ අතිශය බිඳෙනසුලු, අස්ථාවර මට්ටමක බවද පැවසෙයි.
බලශක්ති අර්බුදය සහ මූල්‍ය පීඩනය හමුවේ පවතින ව්‍යූහාත්මක දුර්වලතා මීට ප්‍රධානතම හේතුව වී ඇත.
IMF වැඩසටහන් හරහා ලබාගත් ඩොලර් බිලියන ගණනක මුදල්, සාමාන්‍ය ජනතාවට සහනයක් වනු වෙනුවට, ඉලක්කගත ගෑස් සහ තීරුබදු සහන මෙන්ම අපනයන දිරිගැන්වීම් හරහා වක්‍රව ප්‍රතිලාභ ලබා දී ඇත්තේ එරට සිටින අතළොස්සක් වූ ධනවතුන්ට පමණක් බවට චෝදනා එල්ලවෙයි.
රජය තවදුරටත් ව්‍යූහාත්මක බදු සංශෝධන සිදු කරමින් බදු පදනම පුළුල් කරනවා වෙනුවට, වක්‍ර බදු සහ තෙල් බදු මතම දැඩි ලෙස යැපෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
























