header logo
SLIC
සයුරෙන් එතෙර
UAEහිදී සමාජ මාධ්‍ය නීති කැඩූ පාකිස්තානුවන් රැසකට වැඩ වරදියි
Jun 16, 202608:15 AM
UAEහිදී සමාජ මාධ්‍ය නීති කැඩූ පාකිස්තානුවන් රැසකට වැඩ වරදියි
EDEX

ඉරාන - අමෙරිකානු ගැටුම් පවතින සමයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ සමාජ මාධ්‍ය රෙගුලාසි උල්ලංඝනය කිරීම හේතුවෙන් පාකිස්තාන ජාතිකයන් 3,500කට ආසන්න පිරිසක් එරටින් පිටුවහල් කර ඇති බව පැවසෙයි.

එමෙන්ම මෙලෙස පිටුවහල් කරන ලද පුද්ගලයන්ගේ දේපළ සහ වත්කම්, අදාළ නීතිමය ක්‍රියා පටිපාටිවලට අනුකූලව ඔවුන්ගේ නීත්‍යානුකූල උරුමක්කාරයන් වෙත පවරා දෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ඊට ප්‍රතිචාර දක්වමින් පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා ඇත්තේ දේපොළ පැවරීම් හෝ ඒ ආශ්‍රිත වෙනත් ගැටලුවලට මුහුණ දෙන පවුල් සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බවය.

විදේශයන්හි වෙසෙන පාකිස්තාන පුරවැසියන්ට, තමන් රැඳීසිටින රටවල පවතින නීති රීති සහ රෙගුලාසි, විශේෂයෙන්ම අන්තර්ජාල හැසිරීම්, ඩිජිටල් අන්තර්ගතයන් සහ පොදු සන්නිවේදනය පිළිබඳ නීති දැඩි ලෙස අනුගමනය කරන ලෙස බලධාරීන් මෙහිදී වැඩිදුරටත් උපදෙස් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට