පැය 19ක ජල කප්පාදුවක් ගැන දැනුම්දීමක්

පැය 19ක ජල කප්පාදුවක් ගැන දැනුම්දීමක්

June 15, 2026   06:00 pm

අත්තනගල්ල, කරස්නාගල ජල පිරිපහදු ඒකකයේ සිදුකෙරෙන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (16) දින සිට ප්‍රදේශ රැසකට පැය 19 ක කාලයක් ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව හෙට අඟහරුවාදා පෙ.ව. 8.00 සිට අනිද්දා (17) එනම් බදාදා පෙ.ව. 3.00 දක්වා පහත සඳහන් ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

මිනුවන්ගොඩ කලාපය -  මිනුවන්ගොඩ, අස්ගිරිය, උඩුගම්පොළ, ඕපාත සහ ඒ අවට ප්‍රදේශ.

ගම්පහ කලාපය - ගම්පහ මහ නගර සභා බල ප්‍රදේශය, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, වැලිවේරිය, බැලුම්මහර, රතුපස්වල හා ඒ අවට ප්‍රදේශ.

මහර කලාපය - මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් මාහරගම, සිවුරළුමුල්ල, කිරිකිත්ත, කිනිගම, ඇටිකෙහෙල්ගල්ල සහ ඒ අවට ප්‍රදේශ.

අත්තනගල්ල කලාපය - රන්පොකුණගම නිවාස යෝජනා ක්‍රමය, ඌරාපොල, අත්තනගල්ල, බටලීය, වතුපිටිවල සහ ඒ අවට ප්‍රදේශ.

නිට්ටඹුව කලාපය - නිට්ටඹුව, වේයන්ගොඩ, කලගෙඩිහේන, තිහාරිය, නයිවල සහ ඒ අවට ප්‍රදේශ.

ජල සැපයුම අත්හිටුවීම නිසා පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සිය කණගාටුව පළ කර සිටියි.

එබැවින්, අදාළ කාලය සඳහා අවශ්‍ය ජලය කලින් රැස්කර තබා ගන්නා ලෙසත්, ජලය ඉතා අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙසත් මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් 1939 ක්ෂණික ඇමතුම් අංකය මඟින් විමසිය හැක.