header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
දිලිත්, විමල්, ගම්මන්පිල ඇතුළු 06කට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක්
Jun 15, 202604:40 PM
දිලිත්, විමල්, ගම්මන්පිල ඇතුළු 06කට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක්
Mobitel 1278

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු හය දෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (15) කොටුව මහෙස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේය.

එහිදී විමර්ශන නිලධාරින් කියා සිටියේ, රැඳවුම් භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට බාධාවන අන්දමේ ප්‍රකාශ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ නිකුත් කිරීම සම්බන්ධයෙන් එම පිරිසට චෝදනා ඉදිරිපත් කර ඇති බවය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර ඇති නඩුව අද මෝසමක් මඟින් යළි කැඳවුණි.

අදාළ මෝසම ගොනුකර තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

එහිදී පිටු 14කින් යුත් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරින් කියා සිටියේ, මෙම නඩුවේ තෙවන සැකකරු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින සුරේෂ සලේ 2026 ජුනි මස 05 වැනිදා රාත්‍රීයේ සිට ආහාර ගැනීම වර්ජනය කරමින් උපවාසයක් ආරම්භ කළ අතර 2026 ජුනි මස 07 වැනිදා සිට ඔහු ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදෙමින් සිටින බවය.

ඒ අනුව මේ වනවිට සැකකරු විශේෂඥ වෛද්‍යරුන් සිව්දෙනෙකුගේ නිරීක්ෂණය යටතේ ජාතික රෝහලේ 42 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින බව විමර්ශන නිලධාරින් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරින් සඳහන් කළේ දේශපාලනයට සම්බන්ධ සංවිධානාත්මක කණ්ඩායමක් මෙම විමර්ශනයට අගතිදායක වන අන්දමින් හා අධිකරණය කෙරෙහි මහජන අවිශ්වාසයක් අතිවන ආකාරයෙන් කටයුතු කරමින් සිටින බවය.

"ස්වාමිනි, දේශපාලනයට සම්බන්ධ සංවිධානාත්මක කණ්ඩායමක් මෙම සැකකරු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අගතිදායක වන ආකාරයෙන්, යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාවලියට බාධාවන අන්දමින් සහ අධිකරණය කෙරෙහි මහජන අවිශ්වාසයක් ඇතිවන ආකාරයෙන් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදුකරමින් තිබෙනවා. එම තැනැත්තන් වන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, අසංක නවරත්න, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මෙන්ම සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පුද්ගලයින්. ඒ අනුව ඔවුන් 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරියකට හෝ ආයතනකට අපහාස කිරීමේ පනතේ 3 (1) (අ), 2 (අ), (ඇ) (1) (2) (3) සහ (ඉ) (1) (2) (3) වගන්ති යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් කළ ඇති බවට අනාවරණ වී තිබෙනවා. එබැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළා. මෙම වැඩිදුර වාර්තාව මඟින් ඔවුන් සිදුකළ ප්‍රශ්නගත ප්‍රකාශ සහ එම ප්‍රකාශ තුළ ඇති අධිකරණයට අපහාසවන ආකාරයේ වාක්‍ය කණ්ඩ උපුටා දක්වා තිබෙනවා."

ඒ අනුව අදාළ ප්‍රකාශ ප්‍රචාරණය කළ ජාතික රූපවාහිනිය, ස්වර්ණවාහිනිය, සිරස, ශක්ති ටීවී , වසන්තම් ටීවී, හිරු ටීවී, ටීවී දෙරණ සහ ටී.එන්.එල්. යන මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමටත් එම ප්‍රචාරණයන්ට අදාළ සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන ලබාගැනීමටත් අවසර ලබාදෙන ලෙස විමර්ශන නිලධාරින් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එසේම අදාළ ප්‍රකාශ සිදුකළ පුද්ගලයින් 06 දෙනා 2026 ජුලි මස 01 වනදා අධිකරණයට කැඳවීමට නොතිසි නිකුත් කරන ලෙසද ඔවුන් අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

කෙසේ වෙතත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, අදාළ පුද්ගලයන්ට නොතිසි නිකුත් කිරීම අවශ්‍ය නොවන බවය.

"ඇයි මේ එම තැනැත්තන් අධිකරණයට ගෙන්වන්න ඉල්ලන්නේ. ඔවුන් මේ අධිකරණයට ගෙන්වීමේ අවශ්‍යතාවයක් නැහැ. අදාළ විමර්ශනය සිදුකරලා කරුණු සලකා බැලීමකින් පසු කෙලින්ම අභියාචනාධිකරණයේ පැමිණිල්ලක් ගොනුකරන්න පුළුවන්. එවිට ඔවුන් කෙලින්ම අභියාචනාධිකරණයට හේතු දැක්විය යුතුයි."

ඒ අනුව මහෙස්ත්‍රාත්වරයා අදාළ තැනැත්තන් ඉදිරි නඩු දිනයේ අධිකරණයට කැඳවීමට නොතිසි නිකුත් කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර විමර්ශනයට අදාළ සෙසු ඉල්ලිම් සඳහා නියෝග නිකුත් කළේය.

අදාළ පුද්ගලයින් 06 දෙනා අතුරින් මහින්ද පතිරණ නැමැත්තා ප්‍රශ්නගත ප්‍රකාශ සිදුකිරීම FACEBOOK ඔස්සේ සිදුකර ඇති බැවින්, ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයෙන් වාර්තාවක් කැඳවන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

නඩුව වැඩිදුර විමර්ශන ප්‍රගතිය වාර්තා කිරීම සඳහා ජුලි 01 වනදා යළි කැඳවීමට නියමිතයි.

MostRead
Mobitel 1278
VideoStories
''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ