header logo
SLIC
උණුසුම් පුවත්
දිලිත්, විමල්, ගම්මන්පිල ඇතුළු 06කට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක්
Jun 15, 202604:40 PM
දිලිත්, විමල්, ගම්මන්පිල ඇතුළු 06කට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක්
Mobitel 1278

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු හය දෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (15) කොටුව මහෙස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේය.

එහිදී විමර්ශන නිලධාරින් කියා සිටියේ, රැඳවුම් භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට බාධාවන අන්දමේ ප්‍රකාශ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ නිකුත් කිරීම සම්බන්ධයෙන් එම පිරිසට චෝදනා ඉදිරිපත් කර ඇති බවය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර ඇති නඩුව අද මෝසමක් මඟින් යළි කැඳවුණි.

අදාළ මෝසම ගොනුකර තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

එහිදී පිටු 14කින් යුත් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරින් කියා සිටියේ, මෙම නඩුවේ තෙවන සැකකරු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින සුරේෂ සලේ 2026 ජුනි මස 05 වැනිදා රාත්‍රීයේ සිට ආහාර ගැනීම වර්ජනය කරමින් උපවාසයක් ආරම්භ කළ අතර 2026 ජුනි මස 07 වැනිදා සිට ඔහු ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදෙමින් සිටින බවය.

ඒ අනුව මේ වනවිට සැකකරු විශේෂඥ වෛද්‍යරුන් සිව්දෙනෙකුගේ නිරීක්ෂණය යටතේ ජාතික රෝහලේ 42 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින බව විමර්ශන නිලධාරින් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරින් සඳහන් කළේ දේශපාලනයට සම්බන්ධ සංවිධානාත්මක කණ්ඩායමක් මෙම විමර්ශනයට අගතිදායක වන අන්දමින් හා අධිකරණය කෙරෙහි මහජන අවිශ්වාසයක් අතිවන ආකාරයෙන් කටයුතු කරමින් සිටින බවය.

"ස්වාමිනි, දේශපාලනයට සම්බන්ධ සංවිධානාත්මක කණ්ඩායමක් මෙම සැකකරු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අගතිදායක වන ආකාරයෙන්, යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාවලියට බාධාවන අන්දමින් සහ අධිකරණය කෙරෙහි මහජන අවිශ්වාසයක් ඇතිවන ආකාරයෙන් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදුකරමින් තිබෙනවා. එම තැනැත්තන් වන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, අසංක නවරත්න, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මෙන්ම සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පුද්ගලයින්. ඒ අනුව ඔවුන් 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරියකට හෝ ආයතනකට අපහාස කිරීමේ පනතේ 3 (1) (අ), 2 (අ), (ඇ) (1) (2) (3) සහ (ඉ) (1) (2) (3) වගන්ති යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් කළ ඇති බවට අනාවරණ වී තිබෙනවා. එබැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළා. මෙම වැඩිදුර වාර්තාව මඟින් ඔවුන් සිදුකළ ප්‍රශ්නගත ප්‍රකාශ සහ එම ප්‍රකාශ තුළ ඇති අධිකරණයට අපහාසවන ආකාරයේ වාක්‍ය කණ්ඩ උපුටා දක්වා තිබෙනවා."

ඒ අනුව අදාළ ප්‍රකාශ ප්‍රචාරණය කළ ජාතික රූපවාහිනිය, ස්වර්ණවාහිනිය, සිරස, ශක්ති ටීවී , වසන්තම් ටීවී, හිරු ටීවී, ටීවී දෙරණ සහ ටී.එන්.එල්. යන මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමටත් එම ප්‍රචාරණයන්ට අදාළ සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන ලබාගැනීමටත් අවසර ලබාදෙන ලෙස විමර්ශන නිලධාරින් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එසේම අදාළ ප්‍රකාශ සිදුකළ පුද්ගලයින් 06 දෙනා 2026 ජුලි මස 01 වනදා අධිකරණයට කැඳවීමට නොතිසි නිකුත් කරන ලෙසද ඔවුන් අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

කෙසේ වෙතත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, අදාළ පුද්ගලයන්ට නොතිසි නිකුත් කිරීම අවශ්‍ය නොවන බවය.

"ඇයි මේ එම තැනැත්තන් අධිකරණයට ගෙන්වන්න ඉල්ලන්නේ. ඔවුන් මේ අධිකරණයට ගෙන්වීමේ අවශ්‍යතාවයක් නැහැ. අදාළ විමර්ශනය සිදුකරලා කරුණු සලකා බැලීමකින් පසු කෙලින්ම අභියාචනාධිකරණයේ පැමිණිල්ලක් ගොනුකරන්න පුළුවන්. එවිට ඔවුන් කෙලින්ම අභියාචනාධිකරණයට හේතු දැක්විය යුතුයි."

ඒ අනුව මහෙස්ත්‍රාත්වරයා අදාළ තැනැත්තන් ඉදිරි නඩු දිනයේ අධිකරණයට කැඳවීමට නොතිසි නිකුත් කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර විමර්ශනයට අදාළ සෙසු ඉල්ලිම් සඳහා නියෝග නිකුත් කළේය.

අදාළ පුද්ගලයින් 06 දෙනා අතුරින් මහින්ද පතිරණ නැමැත්තා ප්‍රශ්නගත ප්‍රකාශ සිදුකිරීම FACEBOOK ඔස්සේ සිදුකර ඇති බැවින්, ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයෙන් වාර්තාවක් කැඳවන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

නඩුව වැඩිදුර විමර්ශන ප්‍රගතිය වාර්තා කිරීම සඳහා ජුලි 01 වනදා යළි කැඳවීමට නියමිතයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි