තවත් ගුවන් අනතුරක් - 12ක් මරුට
June 15, 2026 12:12 pm
අමෙරිකාව එක්සත් ජනපදයේ මිසෝරී ප්‍රාන්තයේ සිදු වූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 12දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
කැන්සාස් සිටිහි දකුණු දෙසින් පිහිටි බේට්ස් ප්‍රාන්තයේ බට්ලර් මෙමෝරියල් ගුවන් තොටුපළ ආසන්නයේදී මෙම අනතුර සිදුව තිබේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ skydiving ක්‍රීඩාව සඳහා පුද්ගලයින්ව රැගෙන යමින් තිබූ ගුවන් යානයකි.
කෙසේවෙතත් මියගිය අයගේ අනන්‍යතාවය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.
