ලෝක දුම්කොළ විරෝධී දින විශේෂ සැමරුම හෙට
June 14, 2026 02:45 pm
ලෝක දුම්කොළ විරෝධී දින විශේෂ සැමරුම් උත්සවය හෙට (15) කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ.
සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරුවේ මෙම සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිත බව සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍යංශය සදහන් කළේය.
'දුම්කොළ කර්මාන්තයේ කූඨ උපක්‍රම හෙළිදරව් කරමු දුම්කොළ සහ නිකොටීන් නිෂ්පාදනයන්ට එරෙහි වෙමු' යන්න මෙවර ලෝක දුම්කොළ විරෝධී දිනයේ තේමාව වේ.
දුම්කොළ භාවිතයෙන් සිදුවන සෞඛ්‍යමය හා ආර්ථිකමය හානි පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සදහා සෑම වර්ෂයකම මැයි මස 31 වනදා ලෝක දුම්කොළ විරෝධී දිනය ලෙස නම් කර තිබේ.
