මහනුවර - කුරුණෑගල මාර්ගයේ මාරක අනතුරක්

මහනුවර - කුරුණෑගල මාර්ගයේ මාරක අනතුරක්

June 13, 2026   06:56 pm

මහනුවර - කුරුණෑගල මාර්ගයේ උඩකොටමුල්ල ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 22ක් වූ වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මහනුවර දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරලී ගොස් ඉදිරියෙන් ගමන් කළ කාර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. 

අනතුරින් තුවාල ලැබූ පැදිකරු හා පසුපැදිකරු ගලගෙදර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු යතුරු පැදිකරු මෙලෙස මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

එමෙන්ම පසුපැදිකරු වැඩිදුර ප්‍රථිකාර සඳහා මහනුවර රෝහල වෙත මාරු කර යවා ඇත.

මාවතගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.